රන් මිල වැඩි වෙලා.

මෙරට රන් මිලේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බවට රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද (09) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් රු 2,000කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල රු. 155,400 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගිය බදාදා දින එය දැක්වුණේ රු. 152,200ක් ලෙසය.

මේ අතර ගිය සතියේ බදාදා වනවිට රු. 164,500ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 168,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version