ඉහල පහල යන රත්‍රං මිල

ඩොලරයේ වටිනාකම වෙනස්වීම හේතුවෙන්  පසුගිය සතියේ දී සීඝ්‍රයෙන් පහළ වැටුණු රත්‍රං මිල නැවත වරක්  මේ වන විට ඉහළ යන තත්ත්වයක් පෙන්නුම් කරමින් ඇති බව වාර්තා වේ.

ඒ අනුව පසුගිය  09 වන  දින  කැරට් 22 රන් පවුමක මිල සටහන් වුයේ  රු. 134,000 ක් දක්වා තරම්  පහළ මට්ටමක වුවද අද (13) දින පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු.  160,000 ක් දක්වා තරම්  ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

තවද  පසුගිය 09 දින  කැරට් 24 රන් පවුමක මිල රු. 145,000 ක් දක්වා පහළ ගොස් තිබුණුද අද (13) දින පෙරවරුවේ  වන විට එය  රු. 173,000 ක් දක්වා වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඉන්දික බණ්ඩාර මහතා පසු ගිය දා  ප්‍රකාශ කොට ඇත්තේ  මෙය ස්ථීර තත්වයක් නොවනු ඇති බවයි.

Exit mobile version