ආර්ථිකය ගැන සුබ ආරංචියක්.

මෙම වර්ෂයේ අවසාන කාර්තුවේ දී මෙරට ආර්ථික වර්ධන වේගය ධන අගය ගන්නා බව ඊයේ (11) දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම විවිධ ජාත්‍යන්තර මූල්‍ය ආයතන විවිධ පුරෝකථනයන් සිදු කළ ද පසුගිය වර්ෂයේ එම පුරෝකථනයන් ඉක්මවා මෙරට ආර්ථිකය මෙහෙයවීමට හැකි වූ බවත් , මෙම වර්ෂයේ ලෝක බැංකු පුරෝකථනයන්ට අනුව මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ 4.2 ක අගයක් ගන්නා බවත් , ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථනයන්ට අනුව මෙරට ආර්ථික වර්ධන වේගය මෙම වර්ෂය තුළ සෘණ 3.0 ක් බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.

තවද මහ බැංකු පුරෝකථ්නයන්ට අනුව මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ 2-3 ත් අතර අගයක් ගන්නා බවත් , සියලු දෙනා ජාතික නිෂ්පාදිතයට එකතු කරන තම තමන්ගේ ප්‍රමාණය වැඩි කර ගැනීමට කටයුතු කළ යුතු බවත් , මෙම වර්ෂයේ අවසන් කාර්තුව වන විට මෙරට ආර්ථික වර්ධන වේගය ධන අගයක් ගන්නා බවත් රාජ්‍ය මාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version