ව්‍යවසායකයන්ට ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් සුබ ආරංචියක්.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දැක් වූ අදහස්!

“ආණ්ඩුව අවංකව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට උදව් කරන්න කැමතිනම් ඔබතුමාලට චක්‍රලේඛනයක් මගින් එය කරන්න පුළුවන්.කලිනුත් එහෙම කරලා තියනවා.අද වුණත් කරන්න පුළුවන්.මූල්‍ය හිමියන් වෙනුවෙන් මේ පරාතේ නීතිය කලිනුත් අත්හිටුවා තියෙනවා 2021දි.සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් උදව් කරන්න රජයට අවංක උවමනාවක් තියෙනවා නම් රජයට අද වුණත් ඒක කරන්න පුළුවන්.”

“රජයේ කියනවා ආර්ථිකය හැදෙන්නේ 2048 කියලා.2048 වෙනකන් ඉන්න බෑ.ඉදිරි අවුරුදු 2,3,4, හරි කරන්න පුළුවන්නේ ෂෙහාන් ඇමතිතුමා.දේශපාලන උවමනාව තියෙන්න ඕනේ මේක කරන්න.එහෙම උවමනාවක් නැත්තං අපිට කරන්න දෙයක් නෑ.අද වුණත් චක්‍රලේඛනයක් නිකුත් කරලා විශේෂයෙන්ම මේ පරාතේ  නීතිය,ඇත්ත වශයෙන්ම මේ ව්‍යාපාර පවරා ගෙන වෙන්දේසි කරනවට වඩා   මේ ව්‍යාපාර ආරක්ෂා කරන්න වැඩපිළිවෙළක් ඕනේ.මේ වසරේ පලවෙනි මාස හයේ ව්‍යාපාර හාරසියයක් පමණ පවරාගෙන වෙන්දේසියේ දාලා තියෙනවා.ව්‍යාපාර විනාසයි.මම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් කිහිප දෙනෙක් හමු වුණා ඒ අයගේ ප්‍රධාන ප්‍රශ්නය තමයි මේ පරාතේ නීතිය.”

“ආණ්ඩුව ලෝක වටේ යනවා ආණ්ඩුවේ ණය අත්හිටුවන්න කියලා,ගෙවන්න කාලයක් දෙන්න කියලා.ආණ්ඩුව බංකොලොත් නම් ව්‍යවසායකයන් කොහොමද ණය ගෙවන්නේ ?මේ ප්‍රශ්නෙට මුල ආණ්ඩුව.හැමදාම පාර්ලිමේන්තුවට ඇවිත් කියන්නේ ගිය අවුරුද්දේ තත්ත්වයයි මේ අවුරුද්දේ තත්ත්වයේ බලන්න කියලා.ගිය අවුරුද්දේ තත්ත්වය නෙවෙයි 2019 තත්ත්වයයි මේ අවුරුද්දේ තත්ත්වය බලන්න.අපි රට බාර දෙනකොට මිලියන 7800 එක්ක රට භාර දුන්නෙ.සාමකාමී රටක් තිබ්බේ ව්‍යාපාර හොඳට තිබ්බා.විදේශ සංචිත බින්දුවට බැස්සුවා.පාර්ලිමේන්තුවට කිව්වෙත් නෑ.මහ බැංකුව තමයි මේ ප්‍රශ්නය ඇති කෙරුවේ.සංචිත වලින් ණය ගෙව්වා.කවදාක්වත් ඒක කරන්නෙ නෑ.සංචිත මිලියන 20 වෙනකම් උඩ බලාන හිටියා.අපි රජයට හැම අවස්ථාවකම විපක්ෂයේ සිට සහයෝගය දුන්නා.ජාත්‍යන්තර ප්‍රසාදය දිනා ගන්න විෂය ක් වන සංශෝධනය අවශ්‍යයි කිව්වා අපි ඒකට සහයෝගය දුන්නා.අපි අයි,එම්,එෆ් යන්න කිව්වා ,සමහර අයි,එම්,එෆ් කොන්දේසි වලට අපි එකඟ නැති නිසා ඡන්දය දීමෙන් වැළකී සිටියා.අයි,එම්,එෆ් ගියපු එක හොඳයි නමුත් ජනතාවට දරාගත හැකි වෙන්න ඕනේ.අයි,එම්,එෆ් නියෝජිතයන් එදා අපිට හමු වුන වෙලාවේ ෂෙහාන් ඇමතිතුමා ඉස්සරහම මම එතුමියට කිව්වා ණය ගෙවන්න අපිට දීර්ඝ කාලයක් ලබා දෙන්න කියලා.එහෙම උනාම ජනතාවට තියෙන පීඩනය අඩු වෙනවා.අවුරුද්දෙන් දෙකෙන් තුනෙන් ණය ගෙවීමට කටයුතු කළොත් ජනතාවට ඇතිවන පීඩනය වැඩි වෙනවා.දේශීය නියෝජිතවරියට අපේ ණය ගෙවන්න දීර්ඝ කාලයක් ලබා දෙන්න කිවුවම එතුමිය බෑ කිව්වා.”

( සරත් සමරනායක )

Exit mobile version