ෆිනෑන්ස් ඇරියස් වෙලා භියෙන් මහපාරේ යන අයට සුභ ආරංචියක්.

බැංකු සහ ලීසිං සමාගම්වලට ලීසිං වාරික ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවකදී එවැනි රථ වාහන අත්පත් කර ගත හැකි වන්නේ, වාහනයේ හිමිකරු ඊට විරුද්ධ නොවන්නේ නම් පමණක් බවත් , වාරික ගෙවීම පැහැර හරින රථ පරාටේ නීතිය යටතේ අත්අඩංගුවට නොගන්නා බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පරාටේ නීතිය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළ බව වාර්තා වේ .

එමෙන්ම අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කරන ලද්දේ බැංකු හෝ මූල්‍ය ආයතනවලට ප්‍රශ්නගත දේපළ පවරා ගැනීමට බලය ඇත්තේ, ණය මුදල රුපියල් මිලියන 05 ඉක්මවන්නේ නම් පමණක් බවයි.

එමෙන්ම බැංකු සහ මුල්‍ය ආයතන 19ක් මෙම වර්ෂයේ ජනවාරි සිට ජූනි දක්වා රුපියල් බිලියන 15ක් සඳහා අවස්ථා 173කදී පමණක් පරාටේ නීතිය ක්‍රියාත්මක කර ඇති බව රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ .

Exit mobile version