ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත,මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහි පැමිණිල්ල ජූලි මස 19 වනදා යළි කැදවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව වාර්තා වේ.
මෙම පැමිණිල්ල අද (07) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ කැදවනු ලැබූ බව සදහන්.
