දකුණේ ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස ගෝඨාභයගේ කණ්ඩායමක් හිටියා – සලෙත් එහි සාමාජිකයෙක් – ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගෙන් චෝදනාවක් .

දකුණේ සිදු වූ ඇතැම් ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස සිටියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙහෙය වූ කණ්ඩායමක් බව හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ මේ සම්බන්ධයෙන් පොදුවේ හමුදා බුද්ධි අංශ සාමාජිකයින්ට චෝදනා නො කළ යුතු බවයි.

තමන් යුධ හමුදාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටින අවධියේ දී කොළඹ සිදු කළ ඇතැම් මෙහෙයුම් සඳහා සෘජුව ම අණ ලබා දුන්නේ තමන් නොව එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඒ පිළිබඳ තමන් කිසිදු අවස්ථාවක ඔහුගෙන් ප්‍රශ්න නො කළ බවත් ඔහු මෙම සාකච්ඡාවේ දී සඳහන් කර තිබීම විශේෂත්වයක්.

අදාළ කණ්ඩායමට වත්මන් රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ද ඇතුළත් වූ බව ද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් චෝදනා කර තිබේ .

වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන් ,

Exit mobile version