රාජ්‍ය අංශයේ විධායක නිලධාරී සේවා ගණයට අයත් ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්, පශු වෛද්‍යවරුන්, විශේෂඥ හා තාක්ෂණික නිලධාරීන්, දුම්රිය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති අද (23) කොළඹ දී විරෝධතා ක්‍රියාමාර්ගයක් සංවිධානය කර ඇති බව වාර්තා වේ.
වෘත්තීය සමිති සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වීම හේතුවෙන් මෙම විරෝධතා සංවිධානය කර ඇති බවට එම වෘත්තීය සමිති නායකයෝ පවසති.
