රජයේ රෝහල් දැඩි අර්බුදයක.

අවුරුදු 60ට වැඩි වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාවක් එකවර විශ්‍රාම යාමෙන් සහ ඖෂධ ගෙන්වා ගැනීමට ප්‍රමාණවත් මුදල් නොමැතිකමින් රජයේ රෝහල් පද්ධතිය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග වාර්තා කර තිබේ.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන් 148 ක් , සාමාන්‍ය වෛද්‍යවරුන් 200 ක් පමණ  , රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන් 350ක් පමණ , දන්ත වෛද්‍යවරුන් 50ක් පමණ , ප්‍රාදේශීය රෝහල්වල ලියාපදිංචි වෛද්‍යවරුන් 350ක් පමණ මෙම මස  30 වනදා  විශ්‍රාම යාමට නියමිතව  තිබෙන අතර මේ හේතුවෙන් රෝහල් පද්ධතියට බරපතළ ගැටළු රැසක් පැන නැඟී ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

එමෙන්ම වෛද්‍යවරුන් 300ක් පමණ තවමත් පත්වීම් ලබා ගෙන නොමැති බව සඳහන් වේ.

Exit mobile version