‘අස්වැසුම’ පිළිබඳ රජයේ තීරණය.

‘අස්වැසුම’ ශුභසාධන වැඩපිළිවෙළට ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී ආසාධාරණයට ලක්වූවන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට සහ ඒ සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාලය දීර්ඝ කළ හැකි බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

නුසුදුසු පුද්ගලයින් එම ප්‍රතිලාභය ලබාගෙන ඇත්නම් ඒ පිළිබඳ රජය දැනුවත් කිරීම ජනතාවගේ යුතුකමක් බවට ඔහු සඳහන් කර තිබේ.

පසුගිය 20 වන දා අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ඇති පුද්ගලයන්ගේ නාම ලේඛනය මුදල් අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර කෙසේ වෙතත්, එම ලේඛනය සැකසීමේදී සුදුසු පුද්ගලයින්ට ප්‍රමුඛතාව ලබා දී නොමැති බවට චෝදනා කරමින් විරෝධතා මතු වී තිබේ.

ඒ අනුව, එළඹෙන 30 වන දා දක්වා අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීම සඳහා විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කිරීමට කාලය ලබා දී ඇති බව සදහන්.

පවුල් ලක්ෂ 20ක් සඳහා හඳුන්වා දී ඇති අස්වැසුම වැඩසටහන ලබන පළමු වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව සදහන්.

Exit mobile version