මහනුවර පෞද්ගලික බස් රථවලට GPS ඇස යොමුවේ.

මහනුවර හා තදාසන්න ප්‍රදේශවල ධාවනය වන පෞද්ගලික බස් රථ GPS තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කිරීමට මහනුවර නගර සංවර්ධන කමිටුව තීරණය කර ඇති බව වාර්තා වේ.

දුර ගමන් සේවා නොවන බොහෝ බස් රථ සිය ගමන් වාර ආරම්භ කොට නගර සීමාව පසු වන තෙක්ම මන්දගාමීව ධාවනය වන බවට මහනුවර නගර සභා සංවර්ධන කමිටුවට පැමිණිලි ඉදිරිපත් වී ඇති බව සදහන්.

ඒ අනුව GPS උපාංග භාවිතා කරමින් බස් රථ විධිමත්ව නිරීක්ෂණය කරමින් මාර්ගයේ සිදු වන තදබදය පාලනය කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව සදහන්.

Exit mobile version