යුරෝපා සංගමයේ GPS + තීරු බදු සහනයට අදාළ නව රෙගුලාසි අද (09) ප්‍රකාශයට පත් කරන අතර ඊට අදාළ යුරෝපා සංගම් සහ ශ්‍රි ලංකා ඒකාබද්ධ කොමිසමේ 25 වන සැසිවාරය අද (09) විදේශ අමාත්‍යාංශයේදී පැවැත්වෙන බව වාර්තා වේ.
විදේශ අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන සහ යුරෝපීය විදේශ ක්‍රියකාරී සේවයේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා මෙම රැස්වීමේ සම සභාපතීත්වය දරණ බව සඳහන්.
මෙහිදී ලබන වර්ෂයේ ජනවාරි පළමුවැනිදා සිට ඉදිරි වර්ෂ 10 තුළ බලපැවැත්වෙන පරිදි GPS + නව රෙගුලාසි යුරෝපා සංගම් දූත පිරිස විසින් ප්‍රකාශට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
