6 ශ්‍රේණියේ අභියාචනා අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට.

2022 වසරේ පැවැත්වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2023 වසරේ 6 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමට අදාළ  අභියාචනා අයදුම්පත්  2023.04.20 වන දින දහවල් 12.00 සිට 2023.05.08 වන දින රාත්‍රී 12.00 දක්වා මාර්ගගත ක්‍රමයට  කැඳවා තිබෙන බව වාර්තා වේ.

https://g6application.moe.gov.lk/#/ යන වෙබ් අඩවිය තුළින් මාර්ගගත අයදුම්පත් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවත් , www.moe.gov.lk යන වෙබ් අඩවිය භාවිතයෙන් පාසල් සඳහා ඉල්ලුම් කිරීමට අදාළව පාසල් සංගණන අංක සහිත ලේඛනය ලබා ගැනීමට හැකි බවත් සඳහන්.

Exit mobile version