දෙබරවැව මූලික රෝහලේ බාහිර රෝගී අංශයේ සේවයේ නියුතු වෛද්‍යවරයෙක් ඉඩම් ගැටළුවක් මුල්කර ගනිමින් තම මවගේ මව එනම් 93 හැවිරිදි මිත්තනියට පහරදුන් පුවතක් තිස්සමහරාම ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙලෙස පහර කෑ මිත්තනිය තිස්සමහරාම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර පසුව ඇය දෙබරවැව මුලික රෝහලට ඇතුලත් කර තිබේ.
පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කිරීමට ගිය පොලිස් නිලධාරින් හට මෙම වෛද්‍යවරයා විසින් පරුෂ වචනයෙන් බැන වැදී ඇති අතර පොලිස් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් හා පහරදීම සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් .
