මුණුබුරාගේ මාරාන්තික පිහි පහර.

කෑගල්ල පොලිස් වසමේ කවුඩුගම, හෙට්ටිමුල්ල ප්‍රදේශයේ නිවසක සිටි වයෝවෘධ කාන්තාවක්ව ඇයගේ මුණුබුරා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය ක‌ර ඇති බව වාර්තා වේ.

ඊයේ (28) රාත්‍රියේ එම පහරදීම සිදුව ඇති අතර, බරපතළ තුවාල ලබා සිටි කාන්තාව කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

පහරදීමෙන් මියගොස් ඇත්තේ අවුරුදු 85ක් වු වයෝවෘද්ධ කාන්තාවකි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පහරදීම සිදුකළ සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව සදහන්.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version