ඉරානයේ මාර්ගෝපදේශ මුර සංචාර යළිත් ඇරඹේ.

හිජාබය නොපැළඳ , හිසකෙස් නිරාවරණය කරගෙන සිටි බවට චෝදනාවෙන් අත්අඩංගුවට ගත් 22 හැවිරිදි මහ්සා අමිනි තරුණිය ජීවිතක්ෂයට පත්ව මාස 10 කින් අනතුරුව ප්‍රසිද්ධියේ හිස කෙස් නිරාවරණය කරගෙන සිටින සහ හිජාබය ඇතුළු ඇඳුම් පැළඳුම් නීති පිළිනොපදින කාන්තාවන් සොයා ඉරාන සදාචාර පොලිසිය විසින් ඝාෂ්තේ ඉර්ෂාඩ් නොහොත් මාර්ගෝපදේශ මුර සංචාර යළිත් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

ඇයගේ මරණයෙන් පසු එරට ඇති වූ ප්‍රචණ්ඩකාරී විරෝධතා හේතුවෙන් මෙම මුර සංචාර නවතා තිබූ අතර එය යළිත් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

Exit mobile version