රත්නපුරේ ගුරෙක් පාසල් දරුවන්ට බ්ලූ පෙන්නලා.

පාසල් දරුවන්ට ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වා ලිංගික අතවර කළ ගුරුවරයෙක් ඕපනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙයියන්දර , කැටියපේ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ගුරුවරයෙකි .

පොලීසිය ප්‍රකාශ කරන්නේ ඕපනායක ප්‍රදේශයේ පාසලක 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පිරිමි ළමුන් හා ගැහැණු ළමුන් 15 දෙනෙකුට මෙලෙස අසභ්‍ය දර්ශන පෙන්වා ලිංගික අතවර සිදුකර ඇති බවත් , ඕපනායක පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මෙම ගුරුවරයා අත්අඩංගුවට ගත් බවත් ය.

අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා අද (16) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව සඳහන්.

Exit mobile version