හදයාගේ මස්සිනා අයිස් එක්ක මාට්ටු.

හෝමාගම නියඳගල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් තුළ පිහිටි නේවාසිකාගාරයකදී අයිස් මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු අද (24) දින අලුයම අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .

ඩුබායි හි සිට මෙරට පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන බව පැවසෙන ‘හඳයා’ නැමැත්තා ගේ මස්සිනා බව කියන ‘චුක්කා’ නැමැති පුද්ගලයෙකු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ .

මෙම සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් 110,000ක මුදලක් ද සොයා ගෙන තිබේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය පැකට් කිරීම සදහා යොදාගත් තරාදි ,පොලිතින් පැකට්, ඉටි පන්දම්, කතුරු ඇතුළු භාණ්ඩ රැසක් ද එම නේවාසිකාගාරයේ තිබී සොයා ගත් බව සදහන් .

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Exit mobile version