මාර්ග අංක 907 හලාවත මීගමුව පෞද්ගලික බස් රථ සේවකයින් ආරම්භ කර තිබූ වර්ජනය අවසන් කිරීමට සීමාසහිත හලාවත මගී ප්‍රවාහන සමාගම තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද (31) උදේ සිට සාමාන්‍ය පරිදි එම මාර්ගයේ පෞද්ගලික බස් ධාවනය ආරම්භ කළ බවට එම මගී ප්‍රවාහන සමාගමේ සභාපති චමින්ද හංස මහතා ප්‍රකාශ කර තිබේ.
ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ එම මාර්ගයේ ධාවනය කෙරෙන ශ්‍රී ලංගම බස් රථ රියදුරෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සේවකයකු පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව පවසා ඊයේ (30) බස් වර්ජනය ආරම්භ කළ බවයි.
