අතුරුදන් වූ ඩෙන්මාර්ක් තරුණියගේ සිරුර සොයා ගැනේ.

කඩුගන්නාව , පොත්තපිටිය , අලගල්ල කන්ද නැගීමට ගිය ඩෙන්මාර්ක් ජාතික තරුණියක් පසුගිය 10 වනදා සිට දින ගණනාවක් අතුරුදන්ව සිටි අතර ඇයගේ සිරුර අලගල්ල ප්‍රදේශයෙන් සොයා ගත් බව වාර්තා වේ.

මැය පසුගිය ජුනි 24 වන දින ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇති අතර පසුගිය 10 වන දින පෙරවරුවේ කඩුගන්නාව , පොත්තපිටිය , අලගල්ල කන්ද නැගීමට ගොස් තිබේ.  තරුණිය කඩුගන්නාවට පැමිණ කඩුගන්නාවේ සිට පොත්තපිටිය දක්වා ලංගම බස් රථයකින් පැමිණ එතැන් සිට අලගල්ල කන්ද තරණය කිරීමට ගොස් තිබේ. එලෙස ගමන් ගන්නා අතරතුරේ දී දමිළ ජාතිකයෙකු ද මුණ ගැසී ඔහුගෙන් ද තොරතුරු විමසා ඇති බව විමර්ශවලින් හෙළිව තිබේ. ඒ අනුව අලගල්ල කන්ද මුදුණට නැග ඇති මෙම තරුණිය ගල මුදුණේ සිට අනිත් පැත්තට මාරු වීමේ දී ගලෙන් පහළට ඇඳ වැටී මිය යන්නට ඇති බව පොලිසිය සැක පල කරයි.

මෙලෙස ඇඳ වැටුණු තරුණියගේ සිරුර මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ පිහිටි ඉඩමක තිබී හමුවී ඇති බව වාර්තා වේ.

Exit mobile version