පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාර නොගන්නැයි රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ලෙස සිටි නීල් බණ්ඩාර හපුහින්න මහතා විසින් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත ලබා දුන් නියෝගයක් හේතුවෙන් ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා හපුහින්න මහතා මැතිවරණ කොමිසම වෙත කැදවූ බවට වාර්තා වේ.එහිදී අදහස් දැක්වූ නීල් හපුහින්න මහතා ප්‍රකාශ කර ඇත්තේ කැබිනට් මණ්ඩල තීරණයක් අනුව තමන් අදාළ ලිපිය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත ලබා දුන් බවයි.
එමෙන්ම වාර්තා වන ආකාරයට නීල් හපුහින්න මහතා අද (20) පෙරවරුවේ සිදු කළ සිහි කැදවීමකට අනුව ජනාධිපති කාර්‍යාලය වෙත ගොස් ඇත.
නීල් හපුහින්න මහතා සිය ධූරයෙන් ඉවත් කර ජනාධිපති ලේකම් කාර්‍යාලයේ ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් ධූරය සදහා අනියුක්ත කළ බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
