හරීන් සහ මනුෂ දේශපාලන ගණිකාවන් – දේශපාලනය ගණිකා වෘත්තියේ යොදවනවා – සජබෙන් බර අවි ප්‍රහාරයක්.

හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් දෙදෙනා දේශපාලන ගණිකාවන් ලෙස දේශපාලනය ගණිකා වෘත්තියේ යොදවමින් සිටින බව සමගි ජන බලවේගයේ පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් චමින්ද විජේසිරි මහතා පවසා තිබෙන්නේ පසුගියදා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය නැවත ලබා ගැනීම හෝ දේශපාලන පිල් මාරුව ඔවුන්ට අරුමයක් නොවන බවයි.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විවේචනය කරමින් සිට එකවරම වෙනස් වීම ජාත්‍යන්තර බලපෑමක් මත සිදු වුයේ යැයි තමන් දැඩිව විශ්වාස කරන බව ද චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා එහි දී සඳහන් කර තිබෙනවා.

වැඩි දුර තොරතුරු දැනගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න.

Exit mobile version