සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටින සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය සිඩ්නි නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හමුවූ ආකාරය ධනුෂ්ක ගුණතිලක සිය ෆේස්බුක් ගිණුමේ පල කර ඇත.
ෆේස්බුක් සටහනක් තබමින් ගුණතිලක අමාත්‍යවරයාගේ සහ සනත්ගේ පැමිණීම පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය.
32 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක 2022 වසරේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගය අතරතුර කණ්ඩායමේ විනය නීති කඩකරමින් ලැගුම් ගෙන සිටි හෝටලයෙන් පිටවී ගොස් සිදුකළ ස්ත්‍රී දූෂණයක් සම්බන්ධ චෝදනාවක් හේතුවෙන් ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමෙන් අනතුරුව දැඩි කොන්දේසි සහිත ඇපයක් මත නිදහස්ව හිදී.
ඔහු ගෙවී ඇප මුදල ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකකි. ස්ත්‍රී දූෂණ චෝදනා හතරක් සම්බන්ධව ගොනුවී තිබූ නඩුවෙන් චෝදනා තුනක් සඳහා වරදින් නිදහස් වූ ධනුෂ්ක එක් චෝදනාවක් සම්බන්ධව නඩු විභාගයට පෙනී සිටීමට නියමිතය.
සිඩ්නි නැගෙනහිර රෝස් බේ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව 2022 නොවැම්බර් 06 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවාතැන් ගෙන සිටි හෝටලයේ දී ධනුෂ්ක ගුණතිලක සිඩ්නි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
( ලංකා සර )
