ඖෂධ මිල අඩු වීමේ සහනය ජනතාවට ලබා නොදෙන හැටන් ඔසුසැල්.

ඖෂධ මිල ගණන් අඩු කිරිමට රජය විසින් පියවර ගත්තද හැටන් හා ඒ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකම සමහර ඔසු සැල්වල එම ඖෂධ මිල ගණන් පහළ දමා නොමැති බවට ප්‍රදේශයේ බොහෝ පිරිසක් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මෙම තත්ත්වයන් පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ ඖෂධ මිල ගණන් ඉහළ ගිය සැනින් ඖෂධ මිල ගණන් ඉහළ දමන මෙකී ඔසු සැල් හිමියන් එම ඖෂධ මිල ගණන් පහළ දැමු විට එම මිල ගණන් පහළ නොදැමිම දැඩි අසාධාරණයක් බවයි.

මෙම තත්ත්වයන් පිළිබඳව විමසිම් කරන විට වැඩි මිලට ගත් ඖෂධ වල නව මිල ගණන් මෙතෙක් ලැබි නොමැති බවක් පවසමින් මෙම ඔසු සැල් හිමියන් ජනතාව රවටන බවත් මෙම තත්ත්වයන් පිළිබඳව පාරිභෝගික අධිකාරියේ නිලධාරින් හෝ මෙම ඖෂධ සම්බන්ධ නිලධාරින් හෝ සොයා බලා අඩු කල මිලට ඖෂධ ලබා ගැනිමට ජනතාවට අවශ්‍ය සහන ලබා දිමට පියවර ගත යුතු බවද එම පිරිස් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

Exit mobile version