බිරිඳගෙ අනියම් පෙම්වතාට පහරදී මුදල් කොල්ලකෑ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට අවිස්සාවේල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වේ .
සිය බිරිඳ සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වන බවට තොරතුරු දැනගැනීමෙන් අනතුරුව මෙම පුද්ගලයා මාදොල අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි එහෙම පෙම්වතාගේ නිවසට ගොස් තිබේ . එහිදී තියුණු ආයුධයකින් පහරදී මුදල් හා ජංගම දුරකථනයක් ඇතුළු භාණ්ඩ කොල්ල කා සැකකරු පලාගොස් ඇති බව සඳහන් වේ.
