තම දරුවාට තියුණු ආයුධයකින් පහරදී පොලිස් නිලධාරීන්ටද පහර දුන් පුද්ගලයකු මදුරන්කුලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .
පොලිස් හදිසි ඇමතුම් අංශයට කාන්තාවකට පහරදෙන බවට ලද පැමිණිල්ලක් විමර්ශනය කිරීම සඳහා මදුරන්කුලියේ ජින්නවත්ත ප්‍රදේශයට ගිය පොළිස් නිලධාරීන් මෙලෙස පහර කෑමට ලක් වී තිබෙන බව සදහන් වේ.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමට සූදානම් වීමේදී සැකකරු විසින් සිය දරුවාව ප්‍රාණ ඇපයට ගෙන තියුණු ආයුධයකින් දරුවාගේ පිට ප්‍රදේශය කපා තුවාල කර තිබෙන අතර මහත් පරිශ්‍රමයක් යෙදූ පොලිස් නිලධාරීන් දරුවා බේරා ගෙන පුත්තලම රෝහලට ඇතුළත් කර තිබේ. පහර කෑමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයෙකු ද ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සදහන් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු මදුරංකුලිය පොලීසිය විසින් සිදු කරනු ලබයි.
