පාරේ නිදා සිටියදී යට කරගෙන ගිහිල්ලා.

අනුරාධපුර,යාපනය ඒ නවය මාර්ගයේ කනදරාව ආසන්නයේ මාර්ගයේ නිදා සිටි 23 හැවිරිදි පුද්ගලයෙකු හප්පා මරණයට පත්කොට පලාගිය වාහනයේ රියදුරා අත්අඩංගුවට ගැනිම සදහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ කැකිරිකන්ද,මැදවච්චිය යන ලිපිනයේ පදිංචිව සිටි දිමුතු ප්‍රියන්ත කුමාර(23) නැමති පුද්ගලයෙකි.

මිය ගිය පුද්ගලයා මෙදින රාත්‍රි එකළොහට පමණ පා පැදියකින් මැදවච්චිය නගරයේ සිට සිය නිවසට යමින් සිටියදි පා පැදිය කනදරාව ආසන්නයේ මාර්ගය අයිනේ නවතා පාර මැද නිදා ගෙන ඇතැයි පොලීසිය පවසයි.

එම අවස්ථාවේ මිහින්තලේ සිට යාපනය දෙසට ගමන් ගනිමින් තිබු රෝද හතරේ වාහනයක් මියගිය අයගේ හිස මතින් ධාවනය කිරිම හේතුවෙන් ඔහුගේ හිසට බරපතල තුවාල සිදුවීම හේතුවෙන් මිය යන්නට ඇති බවට මුලික පරික්ෂණයේදි අනාවරණය වු බවද පොලීසිය පවසයි.

Exit mobile version