සිහිමුර්ජා කර යතුරුපැදියයි මුදලුයි කොල්ල කාලා.

යතුරුපැදියක් මිලදී ගැනීමට ආ පුද්ගලයෙකු හට සිහිමුර්ජා වීමට ආහාරයක් ලබා දී ඔහු සතු යතුරුපැදිය සහ මුදල්කොල්ල කෑ පුද්ගලයකු කොඩිකාමම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පලෙයි ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙකු බව සඳහන්.

සැකකරු විසින් සොරාගත් යතුරුපැදිය පොලිසිය විසින් සොයාගෙන ඇති අතර රුපියල් ලක්ෂ හතර හමාර ක මුදල සොයා ගැනීමට නොහැකි වූ බව පොලිසිය ප්‍රකාශ කර තිබේ .

සිහිමුර්ජා වූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා චාවකච්චේරිය රෝහලට ඇතුළත් කර ඇති බවත් , අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වේ .

Exit mobile version