සෞඛ්‍ය ගැටළු පාර්ලිමේන්තුවට.

රෝහල්වලට අවශ්‍ය පිළිකා විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර මිල දී ගැනීමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (04) දින පාර්ලිමේන්තුවේදී විෂය භාර අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ බවට වාර්තා වේ.

තමන් මීට පෙරද මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරීමේදී සැපයුම්කාර ආයතනය සමග එකගතාවයකට පැමිණ යාවත්කාලීන කිරීමට අදාළ කටයුතු සිදු වෙමින් පවතින බවට විෂයභාර අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

නමුත් අමාත්‍යාංශ ලේකම්වරයා මෙම ගිවිසුම සංශෝධනයට ලක් නොකර පැරණි ගිවිසුම අනුව යන්ත්‍ර මිළදි ගැනීමේ සූදානමක් පවතින බවත් ප්‍රතිකාර යන්ත්‍ර කඩිනම්න් යාවත්කාලීන නොකිරීම නිසා පිළිකා රෝගින් රැසකගේ ජීවිත අනතුරේ වැටී ඇති බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version