” හාර්ට් ටු හාට් ” වෙතින් හදවතට දැනෙන වැඩක්.

ගෝලීය මානුෂීය සංවිධානයක් වන ” හාර්ට් ටු හාට් ඉන්ටර්නැෂනල් ” වෙතින් ඩොලර් මිලියන 12.8 ක් වටිනා පිළිකා ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙන බව වාර්තා වේ .

මෙම පරිත්‍යාගය සඳහා පහසුකම් සපයා ඇත්තේ වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය,ජනාධිපති ලේකම් කාර්යාලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වන අතර එය අගෝස්තු 13 වැනිදා කොළඹට රැගෙන ඒමට නියමිතව තිබේ.

ඒ අනුව ” හාට් ටු හාට් ඉන්ටර්නැෂනල් ” ආයතනය විසින් පරිත්‍යාගයට සම්බන්ධ සියලුම වියදම් දරා ඇති බව සඳහන් .

මෙම පරිත්‍යාගය පිළිබඳව “හාර්ට් ටු හාට් ඉන්ටර්නැෂනල් ” සංවිධානයට කෘතඥවන බවත්, එය ශ්‍රී ලංකාවේ බොහෝ පිළිකා රෝගීන්ට ජීවිතාරක්ෂකයක් වනු ඇති බවත් එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ජනිත් වික්‍රමසේකර මහතා ප්‍රකාශ කර තිබේ .

Exit mobile version