ඉන්දියාවේ පවතින අධික උණුසුම හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 96 දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ.
ජනාකීර්ණ ප්‍රාන්ත දෙකක් වන උත්තර් ප්‍රදේශ් සහ නැගෙනහිර බිහාර් ප්‍රාන්තයෙන් මෙම මරණ වාර්තාවන අතර ,බොහෝ පිරිසක් වයස අවුරුදු 60ට වැඩි පිරිස් බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් දක්වා ඉහළ ගොස් ඇති බව සදහන්.
මේ වන විට අධික උණ,වමනය,පාචනය සහ හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් 300කට අධික පිරිසක් රෝහල් ගත කර ඇති බවට විදෙස් මාධ්‍ය සදහන් කරයි.
