හිටපු සිම්බාබ්වේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක හීත් ස්ට්‍රීක් මියගිය බවට මීට පෙර පුවතක් පළ වූවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එලෙස පැතිරුණු පුවත අසත්‍ය එකක් බවත් , එලෙස වැරදි පුවත් ප්‍රචාරය කර ඇත්තේ හීත් ස්ට්‍රීක්ගේ සමීප මිතුරෙකු වන ක්‍රිකට් ක්‍රීඩක හෙන්රි ඔලොංගො විසින් බවත් ය.
විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ හීත් ස්ට්‍රීක්ගේ අභාවය පිළිබඳ තමා විසින්ම කරන ලද හෙළිදරව්ව වැරදි බවත් , හීත් ස්ට්‍රීක් ජීවතුන් අතර සිටින බවත් පවසමින් හෙන්රි ඔලොංගා නැවත පණිවිඩයක් නිකුත් කර ඇති බවයි.
ඔහු නව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ ස්ට්‍රීක්ගේ මරණය පිළිබඳ පුවත කටකතාවක් පමණක් බවයි.
