අධික වර්ෂාවෙන් බාලිකා පාසලක් වැසෙයි.

පවතින අධික වර්ෂාව හේතුවෙන් මහනුවර- වත්තේගම බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික අංශ ආසන්නයේ විශාල පැති බැම්මක් කඩාවැටී ඇති බව වාර්තා වේ .

එම ප්‍රදේශයට ඊ‌යේ (20) පස්වරුවේ සිට ඇද හැලුණු අධික වැසි හේතුවෙන් පාසලේ ගොඩනැගිලි රැසක් ද ජලයෙන් යටවී ඇති අතර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදුකර ඇති බව සඳහන් .

ඒ අනුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පාසලේ විදුහල්පතිනිය වෙත උපදෙස් ලබාදී ඇත්තේ අද (21) සහ හෙට (22) යන දෙදින පාසල වසා දමන ලෙසටයි.

මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ස්ථාන පරීක්ෂාවක් සිදුකිරීමට ද නියමිතව තිබෙන බව වාර්තා වේ .

Exit mobile version