කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් ප්‍රදේශ කිහිපයකට තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
හෙට (03) පස්වරු 1 දක්වා වලංගුවන ආකාරයෙන් මෙම නිවේදනය නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ නිරිතදිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බවයි.
බස්නාහිර ,සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති වීමේ හැකියාවක් පවතින බව සදහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනතාවට දැනුම් දී තිබේ.
