හිමාචල් ප්‍රදේශයේ සෝලාන් දිස්ත්‍රික්කයට බලපෑ අධික වැසි හමුවේ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් හත් දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් හය දෙනෙකු බේරා ගැනීමට සමත් වූ බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
නිවාස දෙකක්ද නායයෑමට ලක්ව ඇති බව සදහන්.
මෙම ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ පවුල්වලට අවශ්‍ය සහනාධාර සහ ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
