මධ්‍යම කඳුකරයට තද වැසි.

මධ්‍යම කඳුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට මෙන්ම කාසල්රි ජලාශය අවට ප්‍රදේශයන්ට පැවති වියළි කාලගුණික තත්ත්වය නිමාවට පත් කරමින් අද (12) දින සවස් කාලයේ දී වැසි පතිතවීම ආරම්භව ඇති බව වාර්තා වේ .

ඒ අනුව අද (12) පස්වරු 2.30 ට පමණ වැසි වැසීම ආරම්භ වූ අතර එම වැසි තත්ත්වයන් පැයක පමණ පැවතී තිබේ. මෙම වැසි ආරම්භ වීමත් සමඟ ප්‍රදේශය තුළ මද සීතල තත්ත්වයක් ද පවතින බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරති.

Exit mobile version