පානදුරට දැඩි ආරක්ෂාවක්.

පානදුර කොට්ඨාසයේ පිහිටි පොලිස් වසම් තුනක ආරක්ෂාව තර කර ඇති බවට වාර්තා වේ.

ලද තොරතුරකට අනුව මෙලෙස ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති බවට සදහන්.

පානදුර පොලිස් වසමේ පිහිටා ඇති මුස්ලිම් දේවස්ථාන 14ක්, පානදුර දකුණ පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථාන 3ක් සහ පානදුර උතුර පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථාන 6ක් ආවරණය වන පරිදි ආරක්ෂාව තර කර තිබේ.

පොලිස් ජංගම සේවා රථ යොදා මෙලෙස විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version