මගුල අවමගුලකින් කෙළවර වේ.

කැනඩාවේ ඔටාවා හි මංගල උත්සවයක දී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මංගල උත්සවයේ භෝජන සංග්‍රහය සිදුවන අවස්ථාවේ ඊට ඇතුළු වු පුද්ගලයෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව සදහන්.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔටාවා පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවට විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version