කංසා වගාවට අවසර හිමිවන ගැසට්ටුව ළඟදීම.

ඖෂධීය කංසා වගාවට අවසරය හිමිවන ගැසට් නිවේදනය ලබන සතියේ නිකුත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ඊයේ (07) පැවති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මේ සඳහා ආයුර්වේද සංශෝදන පනත් කෙටුම්පත පසුගිය 5 වනදා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර එය නෛතිකව බලාත්මක වීම අදාළ නිවේදනය මඟින් සිදු කරනු ලබයි.

Exit mobile version