ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති අතර අගෝස්තු මස පළමු දින සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව එම ගැසට් නිවේදනයේ සඳහන් කර තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනය ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ .
මෙම ජල ගාස්තු සංශෝධනය මගින් ජල ගාස්තු ඉහළ දැමීමක් සිදුකර ඇති අතර පරිහරණය කරන ඒකක ප්‍රමාණය අනුව එම ගාස්තු වැඩිවීම සිදුවන බවත්, සමෘද්ධිලාභීන්ගේ සහ වතු නිවාසවල ජල ගාස්තු ඉහළ දැමීමක් සිදුකර නොමැති බවත් සඳහන් වේ.
අනෙක් සෑම ක්ෂේත්‍රයක් සඳහාම වන ජල ගාස්තුව ඉහළ දමා ඇති බවත් , ගෘහස්ථ ජල ගාස්තුව ද මුල් ඒකක 05 සඳහා රුපියල් 20ක් වු ඒකකයක මිල නව ගාස්තු සංශෝධනයේ දී ඒකකයක් රුපියල් 60 දක්වා ඉහළ දමා ඇති බවත් , පොදු ජල කරාම, උද්‍යාන ජල කරාම, රජයේ පාසල්, ආගමික ස්ථාන,රජයේ අනුමත පුණ්‍යායතන, රජයේ ආයතන සහ රජයේ රෝහල්වල ජල ගාස්තුව ද මෙවර ගාස්තු සංශෝධනයේ දී ඉහළ දමා ඇති බවත් , ඒකකයක් සඳහා අය කරන ගාස්තුව ඉහළ දැමීමට අමතරව මාසික සේවා ගාස්තුව ද මෙවර සංශෝධනයේදී ඉහළ දමා ඇති බවත් වාර්තා වේ .
