නාය යන්න පුළුවන් නවතම ප්‍රදේශ මෙන්න.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නවතම ප්‍රදේශ 6ක් සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රදේශය සඳහා ඉදිරි පැය 24 දක්වා ක්‍රියාත්මක වන පරිදි මෙලෙස පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ ප්‍රදේශය සඳහා ද , කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන සහ වරකාපොළ ප්‍රදේශ සඳහා ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගලවෙල සහ රිදීගම ප්‍රදේශ සඳහා ද පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාර්තා වේ .

Exit mobile version