විහඟනාගේ උසස් පෙළ ප්‍රතිඵලය මෙන්න.

මොළය මියගිය දැරියකගේ සිරුරේ අවයව කොටස් කිහිපයක් සාර්ථකව බද්ධ කිරීමේ පුවතක් අප පසුගිය මාර්තු මස වාර්තා කරන ලදි.

මෙලෙස මොළය මියයාම හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ගියේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ උසස්පෙළ සිසුවියක් වූ 19 හැවිරිදි විහඟනා ආරියසිංහ දැරියයි.

අද සියලු හදවත් සංවේදී කරවමින් අසන්නට ලැබුණු තවත් පුවතක් මෙලෙස වාර්තා විය.

ඒ විහඟනා මෙවර උසස්පෙළ විභාගය ඉහළින් ම සමත්ව ඇති බව සඳහන් පුවතයි.

වාණිජ අංශයෙන් 2022 (2023) උසස්පෙළ විභාගයට මුහුණ දුන් ඇය A සාමාර්ථ ත්‍රිත්වයක් ලබාගනිමින් එම කඩඉම ඉහළින්ම ජයගෙන ඇති බව වාර්තා වේ.

එහෙත් එම සතුට සමරන්න සැවොම බලා සිටියද විහඟනා නැවත එන්නේ නැත.

ඇය දන්දුන් ශරීර අවයව සමග ජීවත් වන යළි ජීවිතය ලබාගත් පුද්ගලයින් සමග ඇයගේ මතකය සදාතනිකව සැම හදවත් තුළ රැඳෙනු ඇත.

කෙසේවෙතත් සියලුදෙනා හඬවමින් විහඟනා ඇගේ ජීවිතයට සමුදුන්නේ තවත් කිහිපදෙනෙකුට නිරෝගීව දිගු කලක් ජීවිත්වීමේ අපේක්ෂාව ඉතුරු කරමිනි.

විහඟනා පිළිබඳ අප මීට පෙර පළ කරන ලද පුවත පහතින්,

Exit mobile version