හියාරේ කතගේ ඝාතකයා අත්අඩංගුවට.

නුංගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මනුෂ්‍ය ඝාතනයකකට අවශ්‍යව සිටි සැකකරුවෙකු ඊයේ (06) උදෑසන නුංගමුව පොලිස් වසමේ කුඹල්ඔලුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .

මොහු විසින් පසුගිය 04 වන දින රාත්‍රී කාලයේ අක්මීමන පොලිස් වසමේ හියාරේ ප්‍රදේශයේ දී කාන්තාවක් දූෂණය කර , ගෙල සිර කර ඝාතනය කර ඇය සන්තකයේ තිබූ රන් මාලයක් , කරාබු දෙකක් සහ දුරකථන දෙකක් සොරකම් කර ඇති බව සිදු කළ විමර්ශනවලින් හෙළිව තිබේ.

මෙලෙස සොරකම් කරන ලද දේපළ පොලිසිය විසින් සොයාගෙන ඇති අතර සැකකරු සහ නඩු භාණ්ඩ වැඩි දුර විමර්ශන කටයුතු සඳහා අක්මීමන පොලිසිය වෙත භාර දී තිබේ .

සැකකරු කුඹල්ඔලුව , වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙක් වන අතර මොහුව අද (07) ගාල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ .

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු අක්මීමන පොලිසිය විසින් සිදු කරනු ලබයි .

Exit mobile version