වැඩිම කොරියානු රැකියා කෝටාව මෙම වසරේදී.

ඉතිහාසයේ වැඩිම කොරියානු රැකියා කෝටාව මෙම වසරේදී ලබාගැනීමට හැකි වී තිබෙන බවට වාර්තා වේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ මේ වසර සදහා කොරියානු රැකියා 6500 ක කෝටාවක් ලැබී ඇති බවයි.

එමෙන්ම ඊයේ දිනයේදී ධීවර අංශයේ රැකියා සදහා 109 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කොරියාව බලා පිටත්ව ගොස් තිබේ .

ඊට අමතරව හෙට දිනයේදී තවත් ශ්‍රමිකයින් 65ක්ද අනිද්දා ශ්‍රමිකයින් 28ක් ද කොරියාව බලා පිටත්ව යෑමට නියමිත බවට එම අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

Exit mobile version