හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අද (9) දින කොළඹ මහාධිකරණයේ ඇයට එරෙහිව පවතින නඩුවකට පෙනීසිටීම සදහා අධිකරණයට වාර්තාකොට ඇති බව වාර්තාවේ.
ඒ 2015 වසරේදී ඇය විසින් ඩිපෙන්ඩර් රථයක් යොදා ගනිමින් තරුණයකු පැහැර ගැනීමක් සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් බවයි සදහන් වන්නේ.
එම නඩුව අද (9) දින කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ විභාගවී ඇති අතර පැහැරගැනීමට ලක්වුවායයි කියන තරුණයාගෙන් සාක්ෂි ලබාගෙන තිබේ.
පසුව මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන ජුනි මස පළමුවන දාට කල්තැබූ බව වාර්තාවේ.
