රත්නපුරේ මාධ්‍යවේදියෙක් වන සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකුට ගෞරව සම්මානයක්

ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කරන කවියෙකු වන කහවත්ත ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදී තුෂාර හෙට්ටිආරච්චි මහතා කව්‍යාභිනන්දන ප්‍රසාදිනි ගෞරව සම්මානය හිමි කර ගෙන සිටී.

ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය , ( AMCA ) පෙන් ඉන්ටර්නැෂනල් හී ශ්‍රී ලංකා සංවිධානය , Pen Sri Lanka Media Project සංවිධාන ත්‍රිත්වයෙන් මෙම සම්මානය ඒ මහතාට පිරිනමා තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතික කවි කිරුළ දිනා ගැනීමටත් , ඉන්දියාවේ සහ නේපාලයේ දී ජනමාධ්‍ය සම්මේලන රැසක දී හිටිවන කවියෙන් දස්කම් පා රටට හා සංගමයට ඉමහත් කීර්තියක් අත්කර දීමත් වෙනුවෙන් මෙම සම්මානය පුද කළ බව AMCA සභාපති උපුල් ජනක ජයසිංහ මහතා පවසයි.

සම්මානය ප්‍රදානය කිරීම පසුගිය දා කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ හත්වැනි ජාතික සම්මේලනයේ දී සිදු විය.

ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන , පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න , රුසියානු තානාපති කාර්‍යාලයේ මාරියා පපෝවා , AMCA සභාපති උපුල් ජනක ජයසිංහ , මහ ලේකම් පැතුම් වික්‍රමරත්න , මොහොමඩ් රිස්වාන් ලුතුෆි සහ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.

Exit mobile version