වසන්ත සැණකෙළිය පැවැත්වෙන අප්‍රේල් මාසයේදී පමණක් භාවිතා කරනු ලබන නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටා ඇති තුරඟ තරග පිටියේ සෑම සති අන්තයකම අශ්ව රේස් පැවැත්වීම සඳහා සැලසුම් කර ඇති අතර මෙම ක්‍රීඩාංගණය අශ්ව රේස් පැවැත්වීමට අමතරව ඉහළ උන්නතාංශික ක්‍රීඩා පුහුණු ඒකකයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
මෙම ක්‍රීඩාංගණය අක්කර 32ක භූමි ප්‍රදේශයක් පුරා විහිදී තිබෙන අතර නුවරඑළිය තුරඟ තරග පිටිය පාලනය කෙරෙන්නේ සුගතදාස ක්‍රීඩාංගණය මගින් බව සඳහන්.
එමෙන්ම නුවරඑළිය ආශ්‍රිතව පවතින අධික ශීත කාලගුණික තත්ත්වය හේතුවෙන් ක්‍රීඩා පුහුණු ඒකකයක් ස්ථාපිත කිරීම නිසා දෙස් විදෙස් ක්‍රීඩකයන් හට අවස්ථාව සැලසෙන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා ප්‍රකාශ කර තිබේ.
