මාධ්‍යවේදී තරිඳු උඩුවර ගෙදර අත්අඩංගුවට අරන්.ඔහුව අරන් තියෙන්නේ උද්ඝෝෂණයක් අතර තුරදී.අත්අඩංගුවට ගත්තේ නීතී විරෝධී රැස්වීමක සමාජිකයෙක් වීම යටතේ නම් අර පුංචි වීඩියෝව විතරක් බලලා එතන වෙච්ච සම්පුර්ණ සිද්ධිය නම් තක්සේරු කරන්න බැහැ.ඒත් ඒ පුංචි වීඩියෝවේ තියෙන කරුණු අනුව සෑහෙන තාක්ෂණික දෝෂ ටිකක් පේනවා.අත්අඩංගුවට ගැනීමේදී.පහර දීමක් වෙනවා කියන එක ශාරීරික බලය යොදලා අත්අඩංගුවට ගැනීමේදී නිතර කියවෙන දෙයක්.තරිඳු ජීප් එකට ඇතුලත් කරද්දී දොර උඩට නැගලා විරෝධ ය දක්වනවා.ඔහු එලෙස උඩට නැගීම නිසා පොලිස් නිලධාරීන්ට තරිඳුගේ,ශරීරය ගැන තිබුණු පාලනය ගිලිහෙනවා. ඔළුව ජීප් එක ඇතුලට ගන්න කොන්ඩෙන් අදින්න වෙනවා..මේවා තමයි පොලීසියේ තාක්ෂණ දෝෂ.
ශ්‍රී ලංකාවේ පොලීසිය පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේදී එම පුද්ගලයා මත තාක්ෂණිකව බලය යොදලා ජීප් රියට නංවන විදිය වැරදියි.පුද්ගලයකු ශාරීරිකව පාලනය කිරීමකින් තොරව අත්අඩංගුවට ගැනීමේදී තරිඳුගේ බලය ගිලිහී යාම වගේ ප්‍රයෝගික සිද්ධි වලට මුහුණ දීම සමාන්‍යයි.තරිඳු තව පොඩ්ඩක් ගැම්මක් අරගෙන ජීප් එක උඩට නගින්නත් තිබුණා.හින්දි පිල්ම් එකක වගේ ජීප් එකෙන් තව වාහන වල වහලට පැන පැන බේරිලා දුවන්නත් තිබුණා.බලන්න තිබුණා පොලිස් මහත්තුරු ටික එහෙනම් තරිඳු පස්සේ දුවන හැටි.හොඳ වෙලාවට එයා එහෙම කරේ නැහැ.
අත්අඩංගුවට ගැනීමේදී කිසිම මිනිහෙක් හායි නියමයි එන්නම් කෝ පොලිසි,දාන්නකෝ නඩු..කියලා ආශාවෙන් ජීප් එකට නගින්නේ නැහැ.ඒ නිසා තමයි අත්අඩංගුවට ගැනීමේදී දෑත් හා දෙපා ක්‍රියාත්මක වීම පළමුව බලය යොදා වළකන්නේ.ජෝර්ජ් ප්ලොයිඩ් මිය යන්නේ ඒ යෙදවූ ශාරීරික බලය අධිකතර ලෙස යෙදවූ නිසා.අත්අඩංගුවට ගැනීමකදී මුණින් අතට දිගා කරලා අත් පිටිපස්සට අරන් handcuffs බාවිතා කරන්නේ හා දණහිස් වලින් ඒ කාලය තුල චලිත වීම් වළකන්නේ ඒ නිසා.ඒ වගේම රථයට ඇතුළු කරන කොට රථයේ වාඩිකරන තුරු නිලධාරියා අත්අඩංගුවට පත්වන්නාගේ හිසට සාධාරණ බලයක් යොදවන්නෙත් තරිඳු ගේ සිද්ධියේදී අද වෙච්ච සියළුම නාටක නැතුව අත්අඩංගුවට ගැනීමක් වෙනුවෙන්.
පොලීසියේ මහත්වරු ලැසි ගමනින් ඇවිත් කිසිම සැලසුමක් නැතුව ත්‍රි වීලර් එකේ හිටපු තරිඳු හුණු වටයේ කතාවේ ගෘෂයි.රජ බිසවයි වගේ දෙපැත්තට බෙදිලා ඇද්දා.එක නිලධාරියෙක් ළඟවත් Handcuffs තිබුණේ නැහැ.මහජන විරෝධයක දී ජනතාව එක්ක ගැටෙනකොට ඒ මහත්වරුන්ට අවශ්‍ය උපකරණ තිබුණේ නැහැ.ගෙදරින් තරහා වෙලා යන ගෑණි අරන් වාහනේට දාගන්නවා වගේ තමයි තරිඳු ව ගත්තේ.
තරිඳු මාධ්‍යවේදියෙක්..ඔහුව අත් අඩංගුවට ගන්නේ ඒ මොහොතේ මාධ්‍යවේදියෙක් නිසාද නැතිනම් කැරලි කරුවෙක් නිසාද කියලා පැහැදිලි නැහැ.තරිඳු ළඟ ඒ මොහොතේ හැඳුනුම්පත නොතිබීම වරදක්.අඩුම තරමේ එහි ජයාරූපයක් වත් ජංගම දුරකථනයේ තබා ගැනීම වැදගත්.අනෙක් අතට පොලීසියේ ඔය ආපු කට්ටිය තරිඳු මාධ්‍යවේදියෙක් කියලා නොදන්නවා නම් මම පුදුම වෙනවා.අයි ඩී එක නොතිබිච්ච නිසා තරිඳුට තමන් මාධ්‍යවේදියෙක් කියන්න හා ආරක්ෂාව වෙනුවෙන් ජීප් එක උඩ නැගලා කෑගහන්න වෙනවා.ගත්ත සම්මාන ගැන කියන්න වෙනවා.මේවා ඇත්තටම නාටක.
මොකද හැමෝම හැමෝගෙම පිළිවෙල,තාක්ෂනය හා යුතුකම් වගකීම් ඉෂ්ට කරන්නේ නැහැ.එහෙම නැතුව කවි ගී ලිවිම තමයි කාලය නාස්තිය.කොහොම වුණත් පොලීසිය ත්‍රි වීලර් එකක වාඩි වෙලා හිටපු තරිඳු හේතුවක් නැතිව කුදලාගෙන යන්න හැදුවානම් මම ඒ කටයුත්ත හෙලා දකිනවා.අනික තාක්ෂණික දොස් නිසා අත් අඩංගුවට ගැනීමේදී වෙන හිංසනයත් හෙලා දකිනවා. ඒක තරිඳුට විතරක් නෙවෙයි ඕනෑම අයෙකුට අදාළ විය යුතු දෙයක්.පොලීසියට ඒ දැනුම හා සම්පත් ලබා දෙන්න කියලා මම ඉල්ලා හිටිනවා.ටිරාන් ඇමති මේවා ගැන හිතන්න පුරුදු වෙන්න ම ඕන.
මම අනුමත නොකරන දෙයක් තරිඳුගෙන් වුණා.ඔහු පහලම පොලිස් නිලධාරියෙක්ගේ අංකයක් කියමින් කෑ ගෑහුවා.ඔහුව ගත්තේ තරුණ ඒස් අයි කෙනෙක්.ඔහුගේ නමත් කමිසේ තියෙන්න ඇති.ඊට ඉහල නිලධාරිනුත් එතන හිටියා.හැබයි අර ඔක්කොම ලොක්කොන්ට යටින් ඉන්න සොක්කාගේ අංකේ තමයි තරිඳුට පෙනුණේ.පහත් තැනින් යයි ගලා ජලේ වගේ හිතුණා.
කොහොම නමුත් තරිඳු නිදහස් විය යුතුයි.ඔහුව අනීතික ලෙස අත් අඩංගුවට ගත්තා නම්,මුලික අයිතීන් ඒ මගින් කඩ වුණා නම් තරිඳු වෙනුවෙන් ඕනා තරම් නීතිඥ වරු,මානව හිමිකම් ක්‍රියාකාරීන් ඉදිරිපත්වේවි.Pictures are from internet.arresting people in russia.පින්තූර ටික ලංකාවේ අයට සමීප රුසියාවෙන්ම ගත්තා.ඔන්න ටිරාන් ඇමති තුමා බලන්න..ඒ අයගේ තාක්ෂණය.උපකරණ හා පුහුණුව.
ටිකිරි සුභාශනි
