අද (04) පෙරවරුවේ බළංගොඩ මූලික රෝහලේ බාහිර රෝගී අංශය සඳහා පැමිණි රෝගීන් හට තුණ්ඩු ලබා දීමේදී උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර වෛද්‍යවරුන් හය දෙනෙකු සේවයේ නියුතු බාහිර රෝගී අංශයේ අද (04) සේවයේ නිරත වූයේ වෛද්‍යවරුන් දෙදෙනෙකු පමණක් බව වාර්තා වේ.
එමෙන්ම නැවත දැනුම්දෙන තුරු හදිසි ශල්‍යකර්ම පමණක් සිඳු කිරීමට කටයුතු කරන බව පවසමින් රෝහල් පරිශ්‍රයේ දැන්වීම් පුවරුවල අලවා තුබුණු බව සඳහන්.
බළංගොඩ මූලික රෝහලේ වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවයකා පත්ව ඇති බව වාර්තා කරයි.
