උණුසුම් කාලගුණයෙන් ගැබිණි මව්වරුන් දැඩි අවධානමක.

මේ දිනවල පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගැබිණි මව්වරුන්ට වැඩි බලපෑමක් එල්ලවිය හැකි බව කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්‍ය සනත් ලැනරෝල් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ පිළිබද අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය මහාචාර්‍ය සනත් ලැනරෝල් මහතා,

ගැබිනි මව්වරුන් එළියට යෑමෙන් වළකින්න. ඔවුන් නිවසින් බැහැරව දහවල් කාලයේ යෑමෙන් වැළකිය යුතුයි. පුළුවන් තරම් නිවෙස්වලම රැඳීසිටින්න. සාමන්‍යයෙන් වතුර ලීටර් 2ක් ගන්නවා නම් වතුර ලීටර් 3ක් 4ක් විතර ගන්න. මොකද මේ අධික රස්නය නිසා ඔබ විජලනයට පත්වෙන්න පුළුවන්.”

Exit mobile version